Nov 10, 2021

රට රස්සා ගන්න ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ ඇමති/මන්ත්‍රී හමුවෙන්න

විදේශ රැකියාවලට යන්න ඕන අය පළාතේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඇමතිවරු හමුවී අවස්ථාව හා රැකියා අවස්ථා ලබාගන්න ආකාරය දැන ගන්නා ලෙස නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා කියා සිටී.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටී. අදාළ සටහන පහත දැක්වේ.

"ආණ්ඩුව රට රැකියා විශාල ප්‍රමාණයක් ඇතිකරලා. විදේශ රැකියාවලට යන්න ඕන අය පළාතේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඇමතිවරු හමුවී අවස්ථාව රැකියා අවස්ථා ලබාගන්න ආකාරය දැන ගන්න. එවැනි දෙයක් නෑ කියල කිව්වොත් ඒක බොරුවක්, ඒ කියන්නෙ රැකියා අවස්ථා විකුණනව හෝ තමන්ගෙ අයට විතරක් දෙනව කියන එක."

විපක්ෂය නියෝජනය කරනු ලබන කුමරප්පෙරුම මහතා මෙසේ සටහනක් තැබුවේ ඇයිදැයි ශ්‍රී ලංකා මිරර් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් සඳහා සහයදීමට සිය දේශපාලන මතවාද හරස් නොකරගන්නා බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top