Nov 10, 2021

ගුරු වැටුප් විෂමතාවයෙන් 1/3ක් එකවර දෙන්න එකඟ වෙයි

එළඹෙන අයවැයෙන් යෝජිත වැටුප හෙවත් වැටුප් විෂමතාවයෙන් 1/3 කොටසක් එකවර ලබාදීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (10) පැවති සාකච්ඡාවේදී මුදල් අමාත්‍යවරයා එකඟ වී තිබේ.

මෙම සාකච්ඡාව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි.

මේ අනුව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුගේ වැටුප 12,120ක මුදලකින්ද ගුරු සේවයේ පළමු ශ්‍රේනනියේ නිලධාරියෙකුගේ වැටුප රුපියල් 11,820කින් වැඩිවීමට නියමිතය. ඊට සමගාමිව ගුරු හා විදුහල්පති සෙසු ශ්‍රේණිවල වැටුප් වැඩිකිරීමට නියමිතය.

රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියේ සුබෝධනී කමිටු වාර්තාව ප්‍රතික්ෂේප නොකළ බවත් සමස්ත සුබෝධනී කමිටු වාර්තාව ලැබෙන තෙක් අරගලය අවසන් නොවන බවයි.

"අපේ ප්‍රධාන ඉල්ලීම ලබාදෙන්න තීරණය කර තිබෙනවා... ඒක අයවැයෙන් ලබාදීමෙන් පස්සේ තමයි ඇත්තටම ලැබුණැයි කියලා කියන්න වෙන්නෙ... නැත්නම් ඕවා පොරොන්දු විතරයි," යැයි ඔහු පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top