Nov 10, 2021

'එක රටක් එක නීතියක්' කාර්යභාරය සංශෝධනය වෙයි!

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාර්යභාරය සංශෝධනය කර තිබේ.

පසුගිය 06දා ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් - පී.බී. ජයසුන්දර මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

එම නිවේදනයට අනුව “එකම රටක්, එකම නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවල අදහස් හා මතයන් සැලකිල්ලට ගනිමින් එම සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ඉතා සුදුසු සංකල්පීය රාමුවක් සැකසීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම යෝජනා කර තිබේ.

මේ අතර, මහාචාර්ය දයානන්ද බණ්ඩා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් කාර්ය සාධක බලකායේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇති බවත් එහි දැක්වේ.

තවද, මෙම ජනාධිපති කාර්ය සාධක බලකායේ නව සාමාජිකයින් ලෙස රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේෂ්වරී පත්ගුණරාජා සහ අයියම්පිල්ලෙයි දයානන්දරාජා පත් කර ඇත.

 

one country1

onecounty2

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top