Nov 10, 2021

මුරුත්තෙට්ටුවේ හිමිගේ පත් කිරීම නැවත සලකා බැලීමට ඉල්ලීම් වැඩිවෙයි!

කොළඹ විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයා පත් කිරීම පිළිබඳව කණස්සල්ලට පත්වන බව එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්යවර්නගේ සංගමය සඳහන් කරයි.

එම කිරීම පිළිබඳව නැවත සලකා බලන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද එම සංගමය කියා සිටී.

කොළඹ විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණි හා ඉහළ පිළිගැනීමක් සහිත විශ්ව විද්‍යාලයක් බව ද එහි ගෞවරය ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ද එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරය ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ විශව විද්‍යාලයේ උපකුලපති ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පත් කළහ.

කෙසේවුවද, මීට පෙර ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ආන්නද හිමිගේ පත්කිරීමට විරෝධය පළ කර තිබිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top