Nov 16, 2021

රටම විකුණද්දී මහින්දගේ හදවත දැන් කම්පා නැද්ද විජේදාස විමසයි

චීනයට විකුණන ලද ද හම්බන්තොට වරාය ආපසු පවරා ගන්නා බවට පොරොන්දු වී බලයට පැමිණි අය අද රටේ දේපළ විකුණා දමමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා කියයි.

අද වන විට චීනයට රටේ හදවත විකුණා දමා ඇති බවත් ඇමරිකාවට පෙනහළ විකුණා දමා ඇති බවත් ඔහු කියා සිටියේය.

විදේශිකයන්ට මෙරට සම්පත් විකුණා දැමීම එය සාප වන පාපකර්මයක් යයිද ඔහු පැවසීය.

විපක්ෂයේ සිටියදී මහින්ද රාජපක්ෂ මහතා පපුවට ගහගෙන මහපොළොව සිපගත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ හදවත අද කම්ප වෙනු ඇතැයි තමන් සිතන බවත් ඔහු සදහන් කරයි.

අද අපට කිසිවක් ඉතුරු නොවී සියල්ල එකින් එක විකුණමින් පවතින බවද ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පැවති අය-වැය විවාදයේ දීය. 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top