Nov 16, 2021

හිපෝ ස්පිරිට් මගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ - ඇමති

මේ වන විට කොළඹට ආසන්නව නැංගුරම් ලා ඇති හිපෝ ස්පිරිට් නෞකාවෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල නොවන බව සම කැබිනට් ප්‍රකාශක - අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (16) පෙරවරුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී නැඟුනු පැණයකට පිළිතුරු ලබාදෙමිනි.

පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් සහිත හිපෝ ස්පිරිට් නෞකාව මේ වන විට කොළඹට ඔබ්බෙන් නැංගුරම් ලා තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top