Nov 16, 2021

පෞද්ගලික දත්ත ආරක්ෂණ පණතට කැබිනට් අනුමැතිය

මෙරට ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීමට අවශ්‍ය වන විධිවිධාන සැලසීම පිණිස කෙටුම්පත් කර ඇති පෞද්ගලික දත්ත ආරක්ෂණ පණත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙම කැබිනට් යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇත.

රජයේ ආයතන / බැංකු / දුරකථන පහසුකම් සපයන්නන් හා රෝහල් වැනි ආයතන විසින් පෞද්ගලික දත්ත රැස්කර ඒවා ප්‍රයෝජනයට ගැනිමේදි එකී දත්තවල ආරක්ෂාව තහවුරු කිරීමද මෙමගින් සිදු කෙරේ.

DataSecurity

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top