Nov 17, 2021

බාධක මැද මහ සෙනඟක් කොළඹට ගෙනා සජිත්ට නඩුවක්!

සෞඛ්‍ය නීති කඩකරමින් උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සංවිධායකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කියයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් අරඹා කරුණු සොයා බලා ගෙන යන බවද හෙතෙම සඳහන් කරයි.

සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාව සැලසුම් කළ පරිදි ඊයේ (16) කොළඹදී පැවැත්විය.

විරෝධතාව ආරම්භ වූයේ, විපක්ෂ නායක කාර්යාලය අසලිනි.

ගෑස්, කිරිපිටි, සහල් හා එලවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ යාමත්, පොහොර නොමැතිවීම ඇතුළු ජනතාව මුහුණ පා ඇති දුෂ්කරතාත්, ආණ්ඩුවේ මර්දනයට එරෙහිවත් මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණි.

‘සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය’ යන තේමාව යටතේ විරෝධතාවය දියත් කෙරුණි.

කොල්ලුපිටිය මංසන්ධියට පා ගමනින් පැමිණි විරෝධතාකරුවෝ පසුව ගාලුමුවදොර වටරවුමට රැස්වූහ.

පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටි පිරිස ඇමතී ය.

මේ අතර සමගි ජන බලවේගයේ විරෝධතාවයට සහභාගීවීම සඳහා දුර පළාත්වල සිට කොළඹ බලා පැමිණි බොහෝ පිරිස්වලට ආපසු හැරී යන්නට සිදුවූ බවට වාර්තා විය.

සමගි ජන බලවේග ක්‍රියාකාරීන් පැවසුවේ, පොලීසිය බාධා කිරීම ඊට හේතුවූ බවයි.

සබැඳි පුවත්
ජනබලයට එන පිරිසට පොලිසියෙන්, STF එකෙන් හිරිහැර (වීඩියෝ)

SJB Rally 001

SJB Rally 001

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top