Nov 17, 2021

පහළ කඩුගන්නාවේ වැසුනු මාර්ගයේ එක් මංතීරුවක් අරියි

නායයාම් අවදානම හේතුවෙන් වසා දැමුණු කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටසේ, එක් මංතීරුවක් අද (17) දහවල් 12.00 සිට විවෘත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සිදුකළ ස්ථානීය පරීක්ෂණවලින් අනතුරුව මෙම තීරණය ගත් බව ඔවුන් කියා සිටියි.

මාර්ගයේ මෙම කොටස රථවාහන ධාවනය පසුගිය 10 වැනිදා රාත්‍රියේදී නතර කෙරුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top