Nov 17, 2021

NMRA දත්ත මකා දැමූ බව කියන Epic Lanka සේවකයාට ඇප

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටි එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක්රිකයාකරු රුපියල් 50,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අද (17) නියෝග කළේය.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය.

එමෙන්ම විමර්ශනවලට බාධා සිදු කළහොත් ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබන බවද සඳහන් කළේය.

සිද්ධියට අදාළ වැඩිදුර වාර්තා ලබන ජනවාරි මස 27 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

(ලංකාදීප)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top