Nov 18, 2021

ඉල් පුර පසළොස්වක පොහෝය අද !

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (18) යෙදී තිබේ.
 
මෛත්‍රී බෝධි සත්ත්වයින් විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොය දිනක සිදුව ඇති බව පොත්පත්වල සඳහන් වේ.

ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේ හි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම අද වැනි පොහොය දිනක සිදුව ඇති බව පැවසේ.

දෙව්ලොව සිට මිනිස් ලොවට වැඩමවීමෙන් පසු වදාළ දේවාව රෝහණය සහ බුදුරජාණන් වහන්සේ අගසව් සැරියුත් මහා රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේ පිරිනිවන් පෑමද සිදුව ඇත්තේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනකදීය.

පසුවස් පවාරණය සිදුකරන පොහොය දිනය මෙන්ම කඨින චීවර පුජාව කළ හැකි අවසාන පොහෝ දිනය ලෙසද ඉල් පුර පසළොස්වක පොහො දිනය සැළකෙයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top