Nov 18, 2021

අමාත්‍යංශ කිහිපයක ආයතනික රාමුව ගැසට් එකකින් වෙනස් කරලා!

අමාත්‍යංශ කිහිපයකට අදාළ ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපති කාර්යාලය, ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ වන ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කර ඇති බවටයි.
 
මීට අමතරව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවද මුදල් අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව ද සංශෝධනයට ලක් කර ඇත.
 
ජනමාධ්‍ය අමාත්‍යංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය, විදේශ අමාත්‍යංශවලද ආයතිනක හා නෛතික රාමුවද ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය අනුව සංශෝධනයට ලක් කර තිබේ.
 
අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.

image d2315a680aimage aada8b588cimage bcce661406image fce4e92569image 0cbe0c0327image d0c21e7191

මූලාශ්‍රය - අද 

 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top