Nov 18, 2021

තෙල් ගෙන්වීම IOCයට දෙයි; ඉන්දියාවෙන් ඩො. මිලියන 500ක ණයක්

ඩොලර් හිඟය පියවා ගැනීම සඳහා ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා ගැනීමට ඉන්දීය රජය සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව රජයේ නියෝජිතයකු ලබන සතියේ ඉන්දියාවට ගොස් මේ සම්බන්ධව ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතව ඇතැයිද පැවසේ.

මේ අතර පෙට්‍රල්, ඞීසල් ඇතුළු ඉන්ධන මිලදී ගැනීමේදී ඉන්දීය තෙල් සමාගමේ (IOC) දායකත්වය වැඩිකර ගැනීම සඳහාද අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

දැනට සිදුකර තිබෙන සාකච්ඡා හා එකඟතාවලට අනුව මෙරටට අවශ්‍ය ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේදී මතුවී තිබෙන ඩොලර් ප්‍රශ්නයට මෙමගින් විසඳුම් ලැබෙනු ඇතැයි ද පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top