එසේම හෙට (19) දින ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් තවත් නෞකාවක් මෙරටට සේන්දු වීමට නියමිත බව ද හෙතෙම සඳහන් කර ඇත.
මෙරටට සේන්දු වූ නෞකාවේ ගෙනා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ගොඩබෑම ඊයේ ම (17) ආරම්භ කළ බවත්, තව දින දෙකකින් පමණ ගොඩ බෑම නිමාවන බවත් සභාපතිවරයා ‘මව්බිම’ පුවත්පතට පවසා තිබේ.
මෙලෙස ඉදිරි දිනවලදී ද මෙරටට අවශ්‍ය තෙල් තොග රැගත් නෞකා මෙරටට සේන්දු වීමට නියමිත බව හෙතෙම පවසා ඇත.
මේ අනුව, මෙරට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවත් ඒ නිසා කිසිවෙකු අනාරක්ෂිත ලෙස නිවෙස් තුළ ඉන්ධන බැරල්, කෑන් වශයෙන් ගොඩ ගසා නොගන්නා ලෙස ද ඔහු වැඩිදුරටත් ඉල්ලීමක් කර තිබේ.