මේ මුදල රඳවා තබා ගැනීමට කටයුතු යොදනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් ඊයේ (17) සියත නාලිකාවේ Turning Point වැඩසටහනට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා අදහස් දක්වනු ලැබීය.
ඒ මහතා එහිදී කියා සිටියේ "මේ සල්ලි හොයාගත්තේ හොරා අල්ලපු මිනිහා..මහ බැංකු වංචාව අල්ලගත්ත මිනිහ තමයි..මේ...සල්ලි මේ විදිහට තැන්පත් කළේ.." යනුවෙනි.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
"බැංකු-ලීසිං-රක්ෂණ සමාගම් ජනතා දේපොළ මංකොල්ලකනවා"
මේ අතර, රටේ බැංකු, මූල්‍ය , ලීසිං සහ රක්ෂණ සමාගම් කටයුතු කරන්නේ ජනතා දේපළ මංකොල්ල කන තත්ත්වයෙන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය කාලය තුළ බැංකු, ලීසිං ආයතන හා රක්ෂණ සමාගම් ශක්තිමත් කිරීමට පාර්ලිමේන්තුව තුළ පනත් හා නීති සම්පාදනය කිරීම සිදු කළ ද ඒවායින් සේවා ලබා ගන්නා පාරිභෝගිකයා, ගනුදෙනුකරුවා හෝ ලීසිංකරුවා ආරක්ෂා කිරීමට කටයුතු කර නොකරන බවද ඔහු කියා සිටී.