ලබන වසරේ සිට මෙය ක්රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙකු සඳහන් කර තිබේ.
අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසුව විශාල පිරිසක් රියැදුරු බලපත්රය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීම සලකා බලා මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.
ඒ අනුව තමන් පදිංචි ප්රදේශයේදීම රියැදුරු බලපත්රය ලබා ගැනීමට අදාළ ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටීමට අයැදුම්කරුවන්ට අවස්ථාව හිමිවේ.