Nov 18, 2021

සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉන්දියානුවන් 45කට කොරෝනා

හම්බන්තොට ආයෝජන කලාපයේ ඉදිකරගෙන යනු ලබන සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉන්දියානු ජාතික සේවකයින් 45කට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් මෙම වැඩ බිමේ සේවකයින් 50කට සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන්.පරික්ෂණ වාර්තා අනුව ඉන්දිය ජාතිකයින් 45කට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇති අතර එම 45නා හම්බන්තොට පැරණි රෝහලේ පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඊයේ (17) ඇතුලත් කල බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම වැඩ බිමේ සිංහල ජාතිකයින් 460ක්ද දමිළ ජාතිකයින් 320ක්ද ඉන්දියන් ජාතිකයින් 480ක්ද සේවය කරන අතර එම පිරිසට සයිනොෆාම් දෙවන මාත්‍රාවද ලබාදි ඇත. මේ අතර ඉන්දියන් ජාතිකයින් 480න් 42ක් එන්නත් ලබා ගැනිම ප්‍රතික්ෂේපකර ඇතත් ඔවුනට කොරෝනා ආසාදනයවි නොමැති බවද වාර්තාවේ.

(අද)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top