Nov 18, 2021

ළමාරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙක් Featured

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පත්කර තිබේ.
 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඔහු, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරැවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ කළමනාකාර මඩුල්ලේ සාමාජිකයෙකුද හා ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස  දීර්ඝ කාලීනව කටයුතු කර තිබේ.
 
ජාතික ළමාරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිවරයා වන මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පසුගිය මාසයේදී සිය ධූරයෙන් ඉල්ලා අස්විය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top