Nov 21, 2021

පොහොට්ටු මන්ත්‍රී කුට්ටිආරච්චිට ලිංගික අතවර චෝදනාවක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු (පොහොට්ටු) මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට වාචික ලිංගික අතවරයක් සිදු කළ බවට සමාජ මාධ්‍ය තුළ චෝදනා එල්ල වී තිබේ.

ඒ ඔහු විසින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී කවිරත්න හා එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ බිරියට අයවැය විවාදය අතරතුර දෙපැත්ත කැපෙන වචන භාවිතා කර වාචික ලිංගික අතවරයක් කර ඇති බවටය.

මාධ්‍යවේදී මංජුල බස්නායක මහතා ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ 2022 අයවැය විවාදයේ කතා බොහොමයකට සවන් දුන් බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරියකට වාචිකව ලිංගික අතවර කිරීම තමා අසා ඇති කැතම කොටස බවයි.

 

ManjulaB Screenshot 2021 11 21 at 01.37.04

වීඩියෝ අනුග්‍රහය - නිවුස් සෙන්ටර්

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top