Nov 25, 2021

මීට පස්සේ ජනපති නීතිඥයෝ අවුරුද්දට 10යි! Featured

ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ ඇතුළත් නව ගැසට් පත්‍රයක් ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

මාර්ගෝපදේශ 14ක් එම නව ගැසට් පත්‍රය මඟින් ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර මින් ඉදිරියට ජනාධිපති නීතිඥයෙකු පත්කිරීමේ දී එම මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවට එහි දැක්වෙයි.

ඒ අනුව ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම වසරකට එක් වරක් පමණක් සිදු කළ යුතු බවත් පත්කරන ජනාධිපති නීතීඥවරුන් ගණන 10කට නොවැඩි විය යුතු බවත් එහි සදහන් කර ඇත. 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top