Nov 25, 2021

මහින්ද මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දුන් බව මහින්ද සමරසිංහ මහතා සඳහන් කරයි.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බව මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

ඔහු එදින පැවුසවේ, ලබන 29 වැනිදා අමෙරිකාව බලා පිටත්ව යාමට බලපොරොත්තු වන බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් මහින්ද සමරසිංහ මහතාගෙන් පුරප්පාඩු වු කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීධූරය සඳහා ඊළඟට පත්වන්නේ කවුද යන්න පිළිබඳව කතිකාවතක් ඇති වී තිබේ.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ, කළුතර දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ 9 වෙනියා ලෙස සිටින මංජු ලලිත් වර්ණකුමාර මහතා ඒ සඳහා නම් කෙරෙනු ඇති බවය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top