Nov 25, 2021

මතක මංගල අමතක නොවූ අය (ඡායා)

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහයට බොහෝදෙනකුට අවසන් ගෞරව දැක්වීමට නොහැකිවීම හේතුවෙන් ඒ සඳහා සමරවීර මහතාගේ භස්මාවශේෂ අද (25) පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ ජයරත්න ‘රෙස්පෙක්ට් හෝම්’ හි තැන්පත් කර තිබිණි.

අද පෙරවරුවේ සිට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු කතානායක කරූජයසූරිය හා මැතිඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

හෙට (26) සමරවීර මහතාගේ භස්මාවශේෂ සීමිත වාහන සංඛ්‍යාවක් සහිත රිය පෙරහරකින් මාතරට රැගෙන ගොස් සමරවීර මහතාගේ මඟ පෙන්වීමෙන් ප්‍රතිසංස්කරණය කෙරුණු නූපේ “ඕලන්ද වෙළෙඳපොළ ශාලාවේ” පස්වරු 2.00 සිට 4.00 දක්වා එම භස්මාවශේෂ තැන්පත් කර තැබීමට නියමිතය

ඉන් අනතුරුව බෞද්ධ, හින්දු, ඉස්ලාම් ආගමික වතාවන් පස්වරු 4.00 ට සිදුකර සමරවීර මහතාගේ භස්මාවශේෂ මාතර සුසාන භූමියේ ඇති සමරවීර පවුලේ සොහොනෙහි තැන්පත් කෙරෙනු ඇත.

WhatsApp Image 2021 11 25 at 9.06.27 PMWhatsApp Image 2021 11 25 at 8.52.13 PMWhatsApp Image 2021 11 25 at 8.52.13 PM 3WhatsApp Image 2021 11 25 at 8.52.13 PM 2WhatsApp Image 2021 11 25 at 8.52.13 PM 1WhatsApp Image 2021 11 25 at 8.52.11 PMWhatsApp Image 2021 11 25 at 8.52.11 PM 2WhatsApp Image 2021 11 25 at 8.52.11 PM 1WhatsApp Image 2021 11 25 at 8.52.10 PMWhatsApp Image 2021 11 25 at 8.52.10 PM 2WhatsApp Image 2021 11 25 at 8.52.10 PM 1WhatsApp Image 2021 11 25 at 8.52.09 PMWhatsApp Image 2021 11 25 at 8.52.08 PMWhatsApp Image 2021 11 25 at 8.52.08 PM 2WhatsApp Image 2021 11 25 at 8.36.31 PMWhatsApp Image 2021 11 25 at 8.36.31 PM 12WhatsApp Image 2021 11 25 at 8.36.31 PM 11WhatsApp Image 2021 11 25 at 8.36.31 PM 10WhatsApp Image 2021 11 25 at 8.36.31 PM 7WhatsApp Image 2021 11 25 at 8.36.31 PM 8WhatsApp Image 2021 11 25 at 8.36.31 PM 6WhatsApp Image 2021 11 25 at 8.36.31 PM 4WhatsApp Image 2021 11 25 at 8.36.31 PM 2WhatsApp Image 2021 11 25 at 8.36.31 PM 1WhatsApp Image 2021 11 25 at 8.36.30 PM 4WhatsApp Image 2021 11 25 at 8.36.30 PM 2WhatsApp Image 2021 11 25 at 8.36.30 PM 1 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top