Nov 26, 2021

කොළඹ වරායේ නැගෙනහිර බහාලුමේ සංවර්ධනය චීනයට

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ (ECT) II අදියර සංවර්ධනය කිරීම සඳහා සීමාසහිත චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) තෝරාගෙන තිබේ.
 
නැඟෙනහිර බහාලුම් පර්යන්තය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක වන පර්යන්තයක් ලෙස අදියරෙන් අදියර සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ II අදියර සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා තිබුණි.
 
ලංසු තුනක් ලැබී ඒ සඳහා ලැබුණු බව රජය කියයි.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත එම ප්‍රසම්පාදනය සීමාසහිත Access Engineering සමාගමට සහ China Harbour Engineering Company වෙත ප්‍රදානය කිරීමට වරාය සහ නාවික අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

ඉන්දියාව මීට පෙර ජපානය සමඟ උපායමාර්ගිකව නැගෙනහිර පර්යන්තය ඉදිරිපත් වුවත් මතුවූ විරෝධතාව හමුවේ වත්මන් රජය ඒ වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියාවට පිරිනැමීමට තීරණය කර ඇත.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top