Nov 26, 2021

ගෑස් සිලින්ඩර් පරික්ෂා කිරීමට පාරිභෝගික අධිකාරිය සාම්පල් ගනියි

ලාෆ් සහ ලිට්‍රෝ යන සමාගම් නිකුත් කරන ගෑස්වල සංයුතිය පරීක්ෂා කිරීමට රජය තීරණය කර තිබේ.
 
ඒ අනුව ගෑස්වල සංයුතිය පරීක්ෂා කිරීම සඳහා දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් සිලින්ඩර් සාම්පල් වශයෙන් ලබාගත් බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා, කොළඹ ඊයේ (25 ) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය. 
 
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එලෙස සාම්පල් ලෙස ලබාගත් ගෑස් සිලින්ඩර් අදාළ පරීක්ෂාව සඳහා ඛනිජ තෙල් සංස්ථාව වෙත අද (26) භාර දෙන බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top