Nov 26, 2021

සන්ෂයින් සුදා මැරූ, ටින්කර් වසන්තව පොලිසිය වෙඩි තබා මරාදමයි!

හේවා ලුනුගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා කළුතර උතුර දියගමදී පොලිස් පහරින් මිය ගිය බව පොලිසිය කියයි.

ඔහු මනුෂ්‍ය ඝාතන හා අපරාධ ගණනාවකට සම්බන්ධ අයෙක් බවද පොලිසිය සඳහන් කරයි.

අපරාධ රැසකට සම්බන්ධ සන්සයින් සුදා නමැත්තා  දික්වැල්ලේ දී  ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ලසන්ත නමැත්තා මාතර ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර ඔහු මිනීමැරුම් ඇතුළු අපරාධ 13 සම්බන්ධ වූවකු බවද පැවසේ.

සැකකරු සන්සයින් සුද්දාට වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය කළුතර උතුර දියගම ප්‍රදේශයේ සඟවා තබා ඇති බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එය සොයා පොලිස් නිලධාරීන් සමඟ ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයක් දමා ගැනීමට කළ උත්සාහයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top