පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හා රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක රුෂාන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හා රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක රුෂාන් ප්‍රනාන්දු මහතා
Nov 26, 2021

රස පරීක්ෂකට එරෙහිව CID යට පැමිණිල්ලක්

"මගෙන් රටට" සංවිධානයේ සාමාජිකයන් විසින් හිටපු රස පරීක්ෂක ඩබ්ලිව්.ඩී.ජී.එස්. ගුණතිලක මහතාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) පැමිණිල්ලක් කරන බව කියා සිටී.
 
ඒ ගොඩනැගිලි ගිනි ගැනීම් වලදී ගෙවන රක්ෂණ වන්දි වංචාවක් සම්බන්ධයෙනි. 
 
කෝටි 20 ක පමණ මුදලක් සාවද්‍ය ලෙස වංචා කිරීම හා කූඨ ලිපිගොනු සැකසීම යන චෝදනාව යටතේ ඔහුට එරෙහිව පැමිණිලි කරන බව එම සංවිධානය කියා සිටී.
 
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පවා මෙම කූට වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අනාවරණය කර තිබිණි.
 
ඇමති එක්ක හරි හරියට ඉඳගත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය කෙළෙසුවා?
 
මේ අතර, ගෑස් අනතුරු වාර්තා වීම සම්බන්ධයෙන් රජයට එල්ල වන චෝදනාවලට පිළිතුරු සැපයීම සඳහා ඊයේ (25) පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගිවූ රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක රුෂාන් ප්‍රනාන්දු මහතාට ද විද්වතුන්ගෙන් චෝදනා එල්ලවී තිබේ.
 
විද්වතුන් පෙන්වා දෙන්නේ, රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතනයක් වන අතර එහි නිලධාරීන් අමාත්‍යවරුන් සමග ප්‍රවෘත්ති සාකච්ඡාවලට සහභාගි වීම රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිබඳව පවතින විශ්වාසය පළුදු කිරීමක් බව ය.

මේ සම්බන්ධයෙන් නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා, මෙලෙස මාධ්‍යට අදහස් දක්වා තිබිණි.

"රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කියලා කියන්නේ ස්වාධීන ආයතනයක්. රස පරීක්ෂක සහ ඒකේ ස්වාධීන පැවැත් ම කියන එක ඉතා ම වැදගත් වෙනවා. රටේ නීතියේ පාලනයට ඒ වගේ ම අධිකරණ ක්‍රියාවලියට මේ සියල්ලට ම මේකේ ස්වාධීනත්වය කියන එක ඉතා ම වැදගත් කාරණය බවට පත් වෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට තමන්ගේ මතයක් සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මතය ලංකාවේ තාක්ෂණය හැටියට එහෙම නැත්නම් අපරාධය හෝ  සිවිල් නීතිය හෝ ඕන ම නීති යටතේ ගැනෙන්නේ විශේෂඥ සාක්ෂියක් විදිහට. රස රීක්ෂකවරයා විශේඥයෙක්. පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, වසක් විසක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, වෙනත් කාරණයක් හා සම්බන්ධයෙන් වෙන්න පුළුවන් විශේෂඥ මතයක් ඔවුන්  ප්‍රකාශ කරන්නේ. ඔහුට යම් කාරණයක් සම්බන්ධයෙන් තමන්ගේ නිල මතය අවශ්‍යතාව, ඉල්ලීම් අනුව, ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. 

නමුත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කියලා කියන්නේ විධායකයට අයිති කොටසක් තමයි. නමුත් ඒක දේශපාලන අධිකාරිය ත් එක්ක කටයුතු කරන්න ගියො ත් එහෙම බරපතළ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒකේ ස්වාධීනතාවය කියන එක අභියෝගයට ලක් වෙන්න පුළුවන් සහ රස පරීක්ෂක වාර්තාවේ වලංගුතාවය කියන දේ ගැන මිනිස්සුන්ට ත් යම් ආකාරයේ කුතුහලයක් ඇති වෙන්න පුළුවන්. මොකද ආණ්ඩුව ක්‍රියා කරන ක්‍රමයක් තියෙනවා නේ පහුගිය කාලේ ඒකත් එක්කනේ මිනිස්සු මේකේ සත්‍ය අසත්‍යතාවය බලන්නේ. උදාහරණයක් විදිහට රස පරීක්ෂක වාර්තාව සම්බන්ධයෙන් යම් පුවත්පතක තිබිච්ච රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ඉස්සෙල්ලා ම ගියපු මතය සම්බන්ධයෙන් ඉතින් රටට ඒක ඉතාම සෑහෙන්න බලපෑමක් ඇති වෙනවා. එතකොට ඒක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කරන්න පුළුවන් දේ තමයි එගොල්ලෝ ඒක වැරදි නම් ඒක වැරදී කියලා එ්ක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ඒක කියලා තිබ්බා. ඒක එතකොට ජනතාව දන්නවා. ඒ හැර අමාත්‍යවරයෙක්  එක්ක හරි වෙනත් සභාපතිවරයෙක් එක්ක හරි ගිහිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බො ත් ස්වාධිනත්වය විශ්වාසනීයත්වය බිඳ වැටෙනවා."

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top