Nov 26, 2021

දොස්තරලාගේ ආදායම් බදු අඩු කරගන්න පාදෙනිය අගමැති හමුවෙලා 

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් ආදායම් බදු අය කිරීමේ දී දැනට පවතින බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්නැයි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අරලියගහ මන්දිරයේ අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ ඉල්ලීම කර ඇත.

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් ආදායම් බදු අය කිරීමේදී යහපාලන කාලයේ පැවති ප්‍රතිපත්තිය වෙනුවට මහින්ද රාජපක්ෂ යුගයේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නැයි එහිදී ඉල්ලා තිබිණි.

12%ක්ව පැවති ආදායම් බදු අනුපාතය යහපාලන ආණ්ඩුවෙන් 24%ක් දක්වා වැඩි කර ඇති බව වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දී තිබේ.

අදාළ ගැටලු නිරාකරණය සම්බන්ධයෙන් පියවරක් ගැනීමට ඊට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡාවක් සූදානම් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top