Nov 27, 2021

මන්ත්‍රීවරු වාහන පර්මිට් හිඟමනේ කතානායක ළඟටත් යයි!

වාහනයක් මිලදී ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කෙරෙන තීරුබදු රහිත බලපත්‍රය ලබාදීමට කටයුතු කරන්නයි පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් යළිත් වතාවක් ඉල්ලුම් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පවතින ආර්ථික තත්ත්වය යටතේ මේ සම්බන්ධයෙන් තව වසර කිහිපයක් බලාසිටීමට සිදුවනු ඇතැයි මෙහිදී කතානායකවරයා එම මන්ත්‍රීවරුන්ට කරුණු පෙන්වා දී ඇති බවද පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පසුගිය දිනවල මැතිසබයේදී ද ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කරනු අසන්නට ලැබිණි.

මන්ත්‍රීවරුන් පිරිසක් වාහන අවශ්‍යතාව සම්බන්ධයෙන් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන්ට ද සිය දුක් ගැනවිලි ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ ඇතිවූ ආර්ථික තත්වය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට රජය තීරණය කළේය.

ඒ ජනාධිපති වරයාගේ නියෝගයක් අනුව ය.

(ඉරිදා ලංකාදීප)

සබැඳි පුවත්

මැති ඇමතිලාගේ රථගාය අලුත් වටයකින් ඇරඹෙයි!

LCත් හරවන්න බෑ; මන්ත්‍රී රථ ගායත් ඉවර නෑ, තව V8 එකකුත් එනවා

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top