Nov 27, 2021

රටවල් 6ක සිට එන මගීන්ට ලංකාවට ඇතුළුවීම තහනම් කරයි

අද (27) මධ්‍යම රාත්‍රී 12 සිට නැවත දැනුම්දෙන තුරු දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියා, සිම්බාබ්වේ හා ස්වාසිලන්තය යන රටවල සිට පැමිණෙන මගීන්ට, මෙරටට ඇතුළු වීම තහනම් කර තිබේ.

ඒ දකුණු අප්‍රිකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගැනීමත් සමගයි.

අද දිනයේ පැමිණෙන මගීන් දින 14 නිරෝධායනයට යොමු විය යුතු බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළේ ය.

අදාළ රටවල සිට අතරමැදි ගුවන් ගමන් සඳහා පැමිණෙන මගීන්ට ද මෙරටට ඇතුළුවීම තහනම් වනු ඇති.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top