Nov 28, 2021

වත්මන් ආණ්ඩුව ට්‍රිලියන 3.6ක මුදලක් අච්චු ගහලා !

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු රුපියල් ට්‍රිලියන 3.6 ක මුදලක් මුද්‍රණය කර ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කිඹියහෙට්ටි මහතා කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා සැලකීමේදී මෙසේ අච්චු ගැසූ මුදල් ප්‍රමාණය අනාවරණය වන බවද ඒ මහතා මාධ්‍යට පවසා තිබේ.

2019 මාර්තු 27 වැනිදා සිට 2021 නොවැම්බර් 17 වැනිදා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති වාර්තා ගැලපීමේදී මෙතෙක් අච්චු ගසා ඇති මුදල් ප්‍රමාණය අනාවරණය වන බව ද ඔහු කියා සිටී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top