Nov 28, 2021

ආණ්ඩුවේ මන්ත්‍රීලාට පාර්ලිමේන්තු යාම අනිවාර්ය කර ලයිස්තුවක් දාලා

පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදය පවත්වන මේ දිනවල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 80 ක් බැඟින් වත් අනිවාර්යයෙන් සභාවේ සිටිය යුතු බව දන්වමින් ඉහල දේශපාලන අධිකාරියෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ලිපි යවා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව කාරක සභා විවාදය පැවැත්වෙන ඒ ඒ දිනවල සභාවේ සිටිය යුතු මන්ත්‍රීවරු නම් වශයෙන් සඳහන් කර ඔවුනට ලිඛිතව බරදී ඇතැයි ද පැවසේ.

බොහෝවිට  කාරක සභා විවාදය පවතින විට විවාදය සහභාගී වන මන්ත්‍රීවරු පමණක් සභාවේ රැඳී සිටිමේ තත්ත්වය වෙනස් කිරීමට මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top