Dec 01, 2021

රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන; ප්‍රශස්ථ නළුවා රොෂාන්, නිළිය ජයනි

රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උලෙළ ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ආරාධනයෙන් ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ශාලවේදී පැවැත් වුණී.

කලාකරුවකුට ජිවිතයේ එක්වරක් පමණක් පිරිනමන යාවජීව සම්මානය මෙවර පිරිනැමුණේ වේදිකා නට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන කේ.බී. හේරත්, ප්‍රවීණ කැමරා ශිල්පියකු වන එම්.ඩී මහින්දපාල යන මහත්වරුන්ටය.

ප්‍රශස්තම නළුවා සම්මානය, වීරයා ගෙදර ඇවිත් නාට්‍යයේ රංඟන දායකත්වය ලබාදුන් රොෂාන් රවීන්ද්‍රටත්, ප්‍රශස්ත නිළිය සම්මානය එම නාට්‍යයේම රංඟන දායකත්වය ලබාදුන් ජයනි සේනානායකත් හිමිකරගත්හ.

මෙම අවස්ථාව සඳහා ප්‍රවීණ කලාකරුවෝ සහ රූපවානී ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් සහභාගී වුහ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top