Dec 01, 2021

පයාගල ගෑස් අලෙවි සැලක ගින්නක්; හිමිකරුට තුවාලයි (වීඩියෝ)

පයාගල පාලයන්ගොඩ ප්‍රදේශයේ එකම ගොඩනැගිල්ලක පිහිටා තිබෙන ගෑස් අලෙවිසැලක හා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ගින්නක් ඇතිවීමෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලට රුපියල් ලක්ෂ ගණනාවක දේපල අලාභ සිදු වී ඇතැයි පයාගල පොලිසිය කියයි.

සිද්ධියෙන් එම ව්‍යාපාරවල හිමිකරු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (30) සවස එම ප්‍රදේශයට විදුලිය විසන්ධි වී තිබූ අවස්ථාවේ මෙම ගින්න හටගෙන ඇති බව පැවසේ.

ගිනි ගැනීමත් සමඟම ගෑස් ටැංකි එම ස්ථානයෙන් ඉවත් කිරීමට පයාගල පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පියවර ගැනීම නිසා සිදුවන්නට ගිය විශාල අනතුරක් වැලැකී ගොස් තිබේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top