Dec 01, 2021

දැන් එන තෙලුත් බාලයි: බසුත් කොට උඩ ගැමුණුගෙන් හෙළිදරව්වක්!

මෙරටට ආනයනය කරන ඉන්ධන තත්වයෙන් බාල ඒවා බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.

ඩීසල් යොදන ලද බස් රථ ගණනාවක් මහ මග අතර මග නතර වී ඇති බවත්, මේ සම්බන්ධයෙන් තමන් පොලීසියට පැමිණිලි කළ බවත් ඔහු කියා සිටී.

මෙරට ඩොලර් හිගය හේතුවෙන් ආනයනය කරනු ලබන්නේ බාල ඉන්ධන බවත්, මෙම ඉන්ධන භාවිතා කරන වාහන දෝෂයන්ට ලක්වන බවත් ඒ මහතා Chamuditha News Brief යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබේ.

එමෙන්ම මෙම ඉන්ධන දහනය වන ප්‍රමාණය ද ඉතා ඉහළ බව ඔහු සඳහන් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top