Dec 01, 2021

ග්‍රීසියේ 60ට වැඩි සැමට කොවිඩ් එන්නත අනිවාර්ය වෙයි

වයස අවුරුදු 60 ට වැඩි සියල්ලන්ට කොවිඩ් මර්දන එන්නත්කරණය අනිවාර්ය කිරීමට ග්‍රීසිය තීරණය කර ඇත.

එය ප්‍රතික්ෂේප කරන පුද්ගලයන්ට මාසිකව යුරෝ 100 ක් බැගින් දඩ නියම කරන බව එරට අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියි.

එම මුදල් ග්‍රීක සෞඛ්‍ය පද්ධතිය නගා සිටුවීම වෙනුවෙන් යොදවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ග්‍රීසියේ ජනගහණයෙන් සියයට 63 ක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇතත් වයස අවුරුදු 60 ට වැඩි ජනගහණයෙන් පන් ලක්ෂ 20 දහසකට වැඩි පිරිසක් තවමත් එන්නත ලබාගෙන නොමැති බව සංඛ්‍යාලේඛණවල දැක්වේ.

ඒ අනුව මෙතෙක් පළමු එන්නත හෝ ලබා නොගත් අවුරුදු 60 ට වැඩි සියලු දෙනා ලබන ජනවාරි 16 වනදා වනවිට එන්නත ලබාගැනීම සඳහා ලියාපදිංචි විය යුතුවේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top