Dec 06, 2021

සු චී ට සිවුවසරක සිරදඬුවම්

බලයෙන් පහකෙරුණු මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සු චී හට සිවුවසරක සිරදඬුවමක් නියම කර තිබේ.

ස්වාභාවික අපදා නීතිය යටතේ "විරෝධය පෑම සහ කොවිඩ් නීති කැඩීම" යන චෝදනා සම්බන්ධයෙන් ඇය වැරදිකරු බව අධිකරණය නියෝග කර තිබුණි.

ඇයට චෝදනා 11ක් එල්ල වී ඇති අතර, එම චෝදනා සියල්ලම ඇය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම තීන්දුව, ඇයව ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට ලක්කිරීමේ පළමු ප්‍රයන්තය විය හැකි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ වසරේ පෙබරවාරියේදී හමුදා ආණ්ඩුවක් බලයට පත්වීමෙන් අනතුරුව 76 වියේ පසුවන සු චී, නිවාස අඩස්සියේ තබා තිබුණි.

කෙසේවෙතත්, ඇයව බන්ධනාගාරගත කරන්නේදැයි එලෙස කරන්නේ කවදාදැයි පිළිබඳව තොරතුරු මේ දක්වා වර්තා නොවේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top