Jan 19, 2022

කන්ටේනර් 800ක් නිදහස් කිරීමට ඩොලර් මුදා හරී Featured

ඩොලර් නොමැතිව වරායේ ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 800ක ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා අද (19) ඩොලර් ලබාදෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව අද සිට එම කන්ටේනර් මුදා හරිනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ හාල්,සීනී පරිප්පු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ අනුව වෙළඳපොළේ සුලබ වනු ඇති බවය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top