ආචාර්ය පී.බී ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් එම තනතුර සඳහා සෙනරත් මහතාව පත්කෙරිණි.
ජනාධිපති ලේකම් ධූරයේ වැඩ බාර ගැනීමට පෙර ඒ මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
මේ අතර, ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපතිවරයා ගේ හෝ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට සූදානමක් ඇති බවට ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි.
ජයසුන්දර මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස අමාත්‍ය මණ්ඩලයෙන් එල්ල වූ බලපෑම හේතුවෙන් ඔහු ඉල්ලා අස්වූයේ දීර්ඝ ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරමිනි.
අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ඔහු රජයේ ඉහළ පෙළේ කිහිප දෙනෙකුගේ දූෂණ වංචා පිළිබඳව ප්‍රබල හෙළිදරව් කිහිපයක්ම සිදු කර ඇතැයි ද වාර්තා වෙයි.