අද (19) පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එසේම තෙල්වල ප්‍රමිතිය බාල කිරීමට කටයුතු කර නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
තෙල් සංස්ථාවේ කිසිඳු වෘත්තීය සමිති කිසිවක් එවැනි චෝදනා නගා නැති බවද ඇමතිවරයා පැවසීය.
සිතුවිල්ලක් වත් පහළ වෙලා නෑ
කිසිඳු අවස්ථාවක ඉන්ධන ප්‍රමිතිය වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ඉල්ලීමක් කිරීමට පවා එවැනි සිතිවිල්ලක් වත් කිසිවකුගේ සිත් වල පහළ වී නැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඔක්ටේන් 92 හා 95 යන තෙල් මුලින්ම නැව් වලට පටවන අවස්ථාවලදී මෙන්ම මෙරටට ගෙන්වීමෙන් පසුවත් සාම්පල් පරීක්ෂා කරන බවත් ඊට අමතරව යම් ටැංකියකින් තෙල් නිකුත් කිරීමට පෙර එම ටැංකියෙන්ද සාම්පල පරීක්ෂාවක් කරන බව අමාත්‍යවරයා විස්තර කළේය.
ෂෙඩ් වලින් මිශ්‍ර කිරීම්?
"හැබැයි සමහර විට ඩීසල් වලින් ඉහළ ලාභයක් ලබාගන්න ඩීසල් වලට නැත්නම් පෙට්‍රල් වලට වෙනත් දුව්‍ය මිශ්‍ර කිරීමක් යම් යම් පිරවුම්හල් වල සිදුවෙන්න පුළුවන්... සමහරවිට භූමිතෙල් මිශ්‍ර කරනවා වෙන්න පුළුවන්... එවැනි දේකදී අපට දැනගන්න පුළුවන් වෙන්නේ එවැනි අකරතැබ්බයකට මුහුණදුන් පුද්ගලයන් විසින් ක්ෂණිකව තෙල් සංස්ථාවට හෝ බලශක්ති අමාත්‍යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළොත් පමණයි. එහෙම නොකර සමාජ මාධ්‍යයේ දැම්මොත් අපිට ඒ ගැන කටයුතු කරන්න හැකියාවක් නෑ."
මේ දක්වා කිසිඳු පුද්ගලයෙකු තෙල් සංස්ථාවට හෝ බලශක්ති අමාත්‍යංශයට ප්‍රමිතියෙන් තොර ඉන්ධන සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර නැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සබැඳි පුවත් :