Jan 19, 2022

මිල්කෝ රසකළ කිරි පැකට් තොගයක් වලදැමුවේ ඇයි ? Featured

මිල්කෝ සමාගමේ දිගන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන ලද රස කළ කිරි පැකට් විශාල ප්‍රමාණයක් එම කර්මාන්තශාලා භූමියේ වළ දැමීමට ඉකුත් 12 වැනිදා කටයුතු කර තිබේ.

නිෂ්පාදන දෝෂ තත්වයන් බව පවසමින් මෙම කිරි පැකට් වළ දැමීමට කටයුතු කල බව එම කර්මාන්ත ශාලාවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම කිරි පැකට් පොලිතින් බෑග් සමඟ වළ දැමීම නිසා විශාල පරිසර හානියක්ද සිදුව ඇතැයි පැවසේ.

ඉකුත් වසරේ අවස්ථා කීපයකදීම කිරි පැකට් වල දැමීම් සිදු කර තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මිල්කෝ ආයතනයට මේ දිනවල ලැබෙන කිරි තත්වයෙන් බාල ඒවා බවද පැවසේ.

මෙම තත්වයෙන් බාල කිරි ලීටරයක් සදහා රුපියල් 110 ක් ගෙවන බවද පැවසේ.

මිල්කෝ ආයතනයට කිරි සපයන ඇතැමුන් තත්වයෙන් බාල කිරි සපයන බවත්, මෙම කිරි යොදාගෙන කරන නිෂ්පාදන වල ගැටළු තත්වයන් ඇතිවන බවද අනාවරණය වේ.

පසුගිය දිනවල නිෂ්පාදනය කරන ලද යෝගට් වලද පුස් සෑදී තිබීම නිසා ආයතනයට පැමිණිලි රැසක්ද ලැබී තිබූ බවද වාර්තා වේ.

මිල්කෝ කර්මාන්ත ශාලා තුල යෝගට්, පාශ්චරිත කිරි සහ අලුතින් හඳුන්වාදුන් රජ අයිස් ක්‍රීම් පමණක් වෙළෙඳ පොලට නිකුත් කිරීම මේ දිනවලවල වැඩි වශයෙන් සිදු කරන බවට සභාපතිවරයාට චෝදනා එල්ලවී තිබේ.

ඔහු විසින් දියර කිරි, බටර් ආදිය නිෂ්පාදනය සඳහා ප්‍රමුඛතාවය ලබා නොදෙන බවද පැවසේ.

කෙසේවුවද, යහපාලන ආණ්ඩුව සමයේ අවසාන වසර තුනෙහි මිල්කො ආයතනය රුපියල් මිලියන 2000කට අධික පාඩුවක් ලැබූ අතර එය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට වර්තමාන මිල්කො සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා කටයුතු කළ බවට ද මේවන විට මාධ්‍ය වාර්තා පලව තිබේ.

එසේම, 2020 සහ 2021 දෙවසර තුළ මිල්කෝ ආයතනය රුපියල් මිලියන 800ක ඉක්මවා ලාභ ලැබූ අතර 2015 වසරට පසු කිරි ගොවීන් සඳහා ගෙවන මිල ද 30%කින් ඉහළ දැමීමට ඔහු කටයුතු කළ බවද ඒවායේ වැඩිදුරටත් සඳහන් විය.

කෙසේවුවවද, එහි වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ඉවත්කර නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත්කර ඇතැයි වාර්තා වේ.

Milco1 670px 22 01 19Milco2 670px 22 01 19

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top