Jan 23, 2022

ප්‍රියංකා - නික් මව්පියන් වෙයි!

බොලිවුඩ් පුරය මෙන්ම හොලිවුඩ් පුරයද ජයගත් ප්‍රියංකා චොප්රා හා ජනප්‍රිය ගායක නික් ජෝනාස් මව්පියන් වී ඇතැයි වාර්තා වේ.
 
තුන් වසරක් පුරාවට විවාහ වී සිටින ප්‍රියංකා - නික් යුවළ මෙම සතුටුදායක පුවත පසුගියදා සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් වලින් නිවේදනය කර තිබුණි.
 
ඔවුන් දරුවකු ලබාගෙන ඇත්තේ වෙනත් මවක් මාර්ගයෙනි. (Surrogacy).

සිය දරුවා පිරිමි දරුවෙක්ද ගැහැණු දරුවෙක් ද යන්න ඔවුන් විසින් තවමත් අනාවරණය කර නොමැත.
 
මෙම කාලයේදී සිය පෞද්ගලිකත්වයට ගරු කරන මෙන් ඔවුන් සැමගෙන් ඉල්ලා සිටියි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top