ඇඹිලිපිටිය කඳුරුගස්ආර එළිමහන් වැඩ කඳවුර බාර ජේලර්වරයාගේ, නියාමකයකු සහ සැරයෙන්වරයකුගේ වැඩ මෙසේ තහනම් කර ඇති බව කී චන්දන ඒකනායක මහතා පරීක්ෂණ අවසන් වන තෙක් එම නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම බලාත්මක බව ද සඳහන් කළේය.
අදාල නිලධාරීන් මරණයට පත්වූ රැඳවියාගේ දියණියට දුරකථනයෙන් කතා කර මුදල් ලබාගත්තේ යැයි කියන සිද්ධියට මෙසේ වැඩ තහනම් කළ බවත් රැඳවියාගේ මරණ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන බවත් ඒකනායක මහතා කීය.
අදාල රැඳවියා බන්ධනාගාර නිලධාරීන් විසින් පහරදී මරා දමන ලද බවට ඥාතීන් කරන චෝදනාව පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර බුද්ධි අංශ සහකාර අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.