Jan 28, 2022

කොළඹ පාසල් 10ක දරුවන්ට කොරෝනා Featured

කොළඹ ප්‍රධාන පෙළේ පාසල් 10ක දරුවන් සහ ගුරුවරුන් රැසකට කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසා ඒවායේ පන්ති කාමර වසා දමා ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා කියයි.

තවත් දරුවෝ හා ගුරුවරුන් රැසක් නිරෝධායනය වෙමින් සිටින බවද ඔහු කියා සිටී.

මීට අමතරව දිවයින පුරා පාසල් ගණනාවකම දරුවන්ට හා ගුරුවරුන්ට කොරෝනා ආසාදනය වී ඇතැයි ද ඔහු හෙළිකර සිටියේය.

අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන්ට දරුවන් හා ගුරුවරුන් ආරක්ෂාකර ගැනීමේ නිසි වැඩ පිළිවෙලක් නොවීමෙන් මේ තත්ත්වය ඇතිව ඇතිබවට ඔහු චෝදනා කර සිටී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top