Jan 28, 2022

භාණ්ඩ හා සේවා කෙටුම්පතෙන් ඇමතිට අසීමිත බලයක්

භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත මගින් විෂයභාර අමාත්‍යවරයාට අසීමිත බලයක් පැවරෙන අතර මේ හේතුවෙන් විෂයභාර අමාත්‍යවරයාට මෙම බලය අවභාවිත කිරීමට අවකාශ සැලසෙන බවද දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සම්මේලනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (28) සඳහන් කළේය.

රජය විසින් පාර්ලිමේන්තුවට මෙම විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් විභාගය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම විභාගය කැඳවිණි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සම්මේලනය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව 10 ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top