Mar 22, 2022

YouTube දෙරණට දුන්නට රූපවාහිනියට, සභාපතිට අතුරු තහනම් නියෝගයක් Featured

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට සහ එහි සභාපති සොනාල ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ අභියාචනාධිකරණය විසින් අද (22) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ රූපවාහිනියේ සභාපතිවරයා විසින් රූපවාහිනී සංස්ථාවේ යූටියුබ් නාලිකා කළමනාකරණය කිරීම සඳහා ගිවිසුම්ගතව සිටි විශ්මිත එන්ටප්‍රයිස් ආයතනය ඉන් ඉවත්කර සභාපතිවරයා හිතුමතේ මිත්‍ර සමාගමක් වන "අයිඩියාහෙල් (IdeaHell)" වෙත පැවරීමට එරෙහිවය.

ඒ අනුව විශ්මිත සමාගම හා රූපවාහිනිය අතර 15-11-2021 දින අත්සන් කරන ලද ගිවිසුමේ දක්වා ඇති සේවාවන් වෙනත් පාර්ශවයකින් ලබා ගැනීම වළක්වාලමින් මේ අතුරු තහනම් නියෝගය කොළඹ අභියාචනාධිකරණය විසින් නිකුත් කළේය.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන "ටීවී දෙරණ" හි ඩිජිටල් ක්‍රියාකාරිත්වය මෙහෙයවන "අයිඩියාහෙල් (IdeaHell)" විසිනි.

අයිඩියාහෙල් දිලිත් ජයවීර මහතාට හා අරුණි අමුණුගම මහත්මියට අයත් පවර් හවුස් ලිමිටඩ් සමාගමේ හිමිකාරිත්වය යටතේ ඇති දෙරණ මැක්‍රෝ එන්ටටේන්මන්ට්ස් හට අයත් සමාගමකි.

මේ අතර, රූපවාහිනිය වෙත සෘජුවම ලැබුණු එහි යූටියුබ් ආදායමද "අයිඩියාහෙල් (IdeaHell)" වෙත හැරවීමට එහි සභාපතිවරයා කටයුතු කර තිබේ.

සබැඳි පුවත්
රූපවාහිනියේ ඩිජිටල් ආදායම දෙරණට දී පඩි ගෙවන්න ට්‍රෙෂරියෙන් සල්ලි ඉල්ලයි

සොනාල බිස්නස් අරඹයි: රූපවාහිනියේ යු ටියුබ් දෙරණට

රූපවාහිනියේ අනන්‍යතාව සභාපති කෙළෙසයි; දෙමළත් හලයි

රූපවාහිනියට 40 පිරෙද්දී DG ඉල්ලා අස්වෙයි; ඊළඟට කවුද?

රූපවාහිනී ලොක්කෝ දෙරණ හා ගිවිසුම අත්සන් කිරීම මඟහරිති!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top