May 22, 2022

ඩොලර් ලක්ෂක තැන්පතුවකට ඩොලර් 25000ක වාහන බලපත්‍රයක යෝජනාවක්

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

මේ අනුව ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන්නන් වෙනුවෙන් මාස 6කට පසු ඩොලර් 25000ක තීරුබදු බලපත්‍රයක් ලබාදීමට ඔහු යෝජනා කර තිබේ.

මෙය ඩොලර් 200000, 300000 ආදි වශයෙන් වැඩි කිරිමේදී ඒ ඒ ගුණාකාරවලින් තීරු බදු බලපත්‍රය  ලබාදෙන ලෙසත් ඔහු යෝජනා කර තිබේ.

ඒසේම ඒම ගිණුම්වෙත පොලී ගෙවීම රුපියල්වලින් හෝ ඔවුන් කැමති මුදල් ඒකකයක්න් ගෙවීමට කටයුතු කරන ලෙසත් ඔහු යෝජනා කර තිබේ.

ආහාර, ඉන්ධන, විදුලිබලය වැනි ක්ෂේත්‍ර ස ම්බන්ධයෙන්ද ඔවු යෝජනා ඉදිරිපත් කර තිබේ.

අදාළ ලිපිය පහත දැක්වේ.

Dollar Proposal 1

Dollar Proposal 2

Dollar Proposal 3

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top