May 22, 2022

ජනනාත් ඉල්ලා අස්වෙයි; අස්වූ හේතුව පෞද්ගලිකයි!

වසර දෙකක් පමණ විදේශ අමාත්‍යංශ ලේකම් ධූරය දැරූ මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

හිටපු නාවික හමුදාපතිවරයකු වන හෙතෙම ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් ධූරයක් දරමින් සිටියදී විදේශ ලේකම් ධූරයට පත්විය.

පෞද්ගලික හේතු මත තමන් මෙම තනතුරින් ඉල්ලා අස්වූ බැව් හෙතෙම මාධ්‍යට පවසා තිබේ.

නව විදේශ ලේකම් ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරිනියක වන අරුණි විජේවර්ධන මහත්මිය පත්කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top