නියමුවන් රහිත ගුවන් යානා යොදවා අරලියග මන්දිරයට ඉහළ අහසේදී එදින (09) රාත්රියේ ලබාගත් සජීවි දර්ශන හා සීසීටීවී දර්ශන අනුව මෙය තහවුරු වන බවද පැවසේ.
පෙට්රල් බෝම්බ ප්රහාර එල්ල කිරීමට පැමිණි යතුරුපැදිකරුවන් අංක තහඩු නිරාවරණය නොවන පරිදි පැමිණ ඇති නමුත් සැකකරුවන් හඳුනා ගැනීමට පැති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බවද වාර්තා වේ.
අරලියගහ මන්දිරය ඉදිරිපිටට පෙට්රල් බෝම්බ ප්රහාර ඇතුළු ගිනි තැබීම්වලින් පොලිස් ට්රක් රථ දෙකක්, බස් රථ දෙකක් ඇතුළු පොලිස් වාහන හතක් ගිනි ගෙන අලාභ සිදුවිය.
ඉපලෝගම ෂෙඩ් හිමිකරුටත් පෙට්රල් බෝබ ගහලා!
කැකිරාව, ඉපලෝගම ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන අවසන් වීම මුල්කරගෙන ප්රකෝප වූ බව කියන පිරිස් පෙරේදා (21) රාත්රී 9.45 ට පමණ පිරවුම් හල් හිමියාගේ නිවසට ගිනි තබා ඇත්තේද පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල කරමින් බව මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.
එම ප්රහාරයද යතුරුපැදිවලින් පැමිණි පිරිසක් එල්ල කර ඇති අතර ඉන්ධන පිරවුම් හල් හිමියාගේ පියා ඉපලෝගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාද වේ.
එමෙන්ම මැයි 9 වැනිදා දේශපාලනඥයන්ගේ නිවෙස්වලට ගිනි තැබීම් පසුපසද පෙට්රල් බෝම්බ ගැසීම් ඇතුළුව සංවිධානාත්මකව ගිනි තැබීම් කර ඇතැයි සැක පහළ වී ඇත.
අනුරාධපුරය හා දකුණු පළාතේ මැයි 9 වැනිදා කළ ගිනි තැබීම්වලට එකම කණ්ඩායම් කිහිපයක් සම්බන්ධ බව අනාවරණය වන බව විමර්ශන නිලධාරීන් දැනුම් දී ඇත.
සීසීටීවී දර්ශන, දුරකථන ජාල, විශ්ලේෂණ වාර්තා ඇතුළු සාක්ෂි මගින් මේ බව තහවුරු වන බව විමර්ශකයෝ පවසති.
මැයි මස 9 වැනිදා රාත්රියේ හිටපු ඇමැති බන්දුල ගුණවර්ධනගේ නිවසට කඩා වැදී එහිවූ රජයේ වාහන දෙකකට ගිනි තබා ඇත්තේ යතුරුපැදි දහසයක් හා වෑන් රථයකින් පිට පළාතකින් පැමිණි පිරිසක් බවද හෙළිවී තිබේ.
මූලාශ්රය - අරුණ