අදාළ බැංකුවේ 2018 – 2019 වර්ෂවල කාර්ය සාධනය සහ වත්මන් කාර්ය සාධනය පිළිබදව 2022 මැයි 04 වැනි දින පොදු ව්‍යාපර පිළිබද කාරක සභාව විසින් සිදු කරන පරික්ෂණයෙදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
යෂෝධා සමූහ ව්‍යාපාරයට අමතරව CML,MTD සමූහව්යාපරාය, මිහින් ලංකා පෞද්ගලික සමාගම ,W.M.මෙන්ඩිස් පෞද්ගලික සමාගම, හුරාවී ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම, දයා ඇපරල් සමූහ ව්‍යාපාරය සහ නවලෝක සමූහව්යාපරය, ගුඩ් ෆෙලෝස් පෞද්ගලික සමාගම, රිකාන් ලංකා පෞද්ගලික සමාගම සහ ග්රේලයන් එක්ස්ප්‍රස් පෞද්ගලික සමාගම ඉහළම අක්‍රීය ණය 10 පිළිවෙලින් රැදී සිටී.
වාර්තා වන පරිදි 2020 වන විට 2017 වර්ෂයට සාපේක්ෂව වැඩිම අක්‍රීය ණය 10හි ශේෂය සියයට 45.94කින් හෙවත් රු. මිලියන 14,910.66 කින් වැඩි වී ඇත.
අක්‍රීය ණය 10හි 6 වැනි ස්ථානයේ රැදී සිටින්නේ පසු ගිය යහපාලන සමයේ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දයා ගමගේට අයත් දයා ඇපරල් සමූහ ව්යාපරයයි.
(අරුණ)