ඒ අනුව ආහාර බෙදාගෙන කෑමට (බුගේ) ක්‍රමය වෙනුවට අඩු වියදමකින් සැකසුණු බත් පාර්සලයක් ලබා දීමේ හැකියාව ගැන කතානායකවරයා කරුණු සොයා බලා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
කතානායකවරයා මේ පිළිබඳව අවධානය යොමු කර ඇත්තේ රටේ ආර්ථික තත්ත්වය සහ පාර්ලිමේන්තුවේ ආහාර වේල සම්බන්ධයෙන් සමාජයෙන් මතු වී ඇති විවිධ චෝදනා හේතුවෙන් බවද පැවසේ.
කතානායකවරයා මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් දැනටමත් කරුණු විමසා සිටින බව දැනගන්නට ඇත.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 53 දෙනෙකු පාර්ලිමේන්තුවෙන් ලබා දෙන ආහාර වේල අත්හිටුවීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව එම මන්ත්‍රීවරුන්ගේ දිවා ආහාර වේල ඊට පසු දින සිට නතර කිරීමට පියවර ගත් කතානායකවරයා ඒ බව පාර්ලිමේන්තුවට ද දැනුම් දී ඇත.
සෙසු මන්ත්‍රීවරුන්ට ලබාදෙන ආහාර වේල සම්බන්ධයෙන් මීළඟ පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගන්නා බව කතානායකවරයා තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ වැඩිම වියදමක් දරන්නේ මන්ත්‍රීවරුන් සහ අමුත්තන්ගේ ආහාරපාන සඳහා බව එහි ආරංචි මාර්ග වලින් පැවසේ.
ආහාරපාන සඳහා වාර්ෂිකව වැය කරනු ලබන මුදල රුපියල් කෝටි 12 ක් බව එහි මූල්‍ය අංශය පවසයි.
එසේම පාර්ලිමේන්තුවේ පානීය ජලය සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල ලක්ෂ 90 ක් බව ගණන් බලා ඇත.
මූලාශ්‍රය - ඉරිදා ලංකාදීප